දේශීය

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

මධ්‍යසාර මත පනවා තිබූ බද්දෙන් සියයට 30ක් කපාහැරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ.

 

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඩුබායි නගරය සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණ ඇතිවය.

 

එමෙන්ම පෞද්ගලික මධ්‍යසාර බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් අය නොකිරීමටත් මේ යටතේ ඩුබායි පාලනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඩුබායි හි මධ්‍යසාර අලෙවිය මත පනවා තිබූ සීමා රැසක් ඉවත්කිරීමට බලධාරීන් මීට පෙරත් පියවර ගනු ලැබීය.

 

රාමසාන් උපවාස සමයේ පවා දිවා කාලය තුළ මධ්‍යසාර අලෙවියට අවසර දුන්නේ ඒ යටතේ ය.

 

එමෙන්ම අවශ්‍ය ස්ථාන වෙත මධ්‍යසාර ප්‍රවාහනයටත් මේ මගින් අවසර දී තිබුණි.

 

 

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Mohamed Dilsad

මර්වින් සිල්වා ඇප මත මුදාහරී

Editor O

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment