දේශීය

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

මධ්‍යසාර මත පනවා තිබූ බද්දෙන් සියයට 30ක් කපාහැරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ.

 

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඩුබායි නගරය සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණ ඇතිවය.

 

එමෙන්ම පෞද්ගලික මධ්‍යසාර බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් අය නොකිරීමටත් මේ යටතේ ඩුබායි පාලනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඩුබායි හි මධ්‍යසාර අලෙවිය මත පනවා තිබූ සීමා රැසක් ඉවත්කිරීමට බලධාරීන් මීට පෙරත් පියවර ගනු ලැබීය.

 

රාමසාන් උපවාස සමයේ පවා දිවා කාලය තුළ මධ්‍යසාර අලෙවියට අවසර දුන්නේ ඒ යටතේ ය.

 

එමෙන්ම අවශ්‍ය ස්ථාන වෙත මධ්‍යසාර ප්‍රවාහනයටත් මේ මගින් අවසර දී තිබුණි.

 

 

Related posts

අමතර දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

Mohamed Dilsad

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ නිවසින් බැහැරව යා හැක්කේ මෙලෙසයි

Mohamed Dilsad

Leave a Comment