දේශීය

ජල පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

 

එම වැඩසටහන ලබන 17 වනදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කළේය.

 

බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබා දී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවන බව ඔහු සඳහන් පැවසීය.

 

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා දැනුම්දුනී.

 

 

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි

Mohamed Dilsad

රන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment