දේශීය

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අද (16) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 වන තෙක් එම නිවේදනය වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවකින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව පළාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසටය.

 

 

Related posts

කොරෝනා සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනයේ අනුමැතිය

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

Mohamed Dilsad

ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 12 දෙනෙක් රෝහලට

Mohamed Dilsad

Leave a Comment