දේශීය

ගල් අඟුරු සංචිත ගැන දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රතිපත්ති සමාලෝචනයට හා විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පිළිබඳ ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

පෙබරවාරි මාසය තුළ තවත් ගල් අඟුරු නෞකා 07ක්, මාර්තු මාසය තුළ නෞකා 07ක් සහ අප්‍රේල් මාසය තුළ නෞකා 07ක් ලෙස ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඊට අදාළ මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝණය කල පිරිස 38,566 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

වවුචර්පත් වෙනුවට යළිත් නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

Leave a Comment