දේශීය

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

(UTV | කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ලබන සතියේ සිට ලියාපදිංචි කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

විශ්ව විද්‍යාලවල උපාධිපාඨමාලා සඳහා තෝරාගත් සිසුන්ට ලියාපදිංචි වන ලෙස කෙටි දුරකතන පණිවුඩ මගින් සහ විද්‍යුත් තැපෑල මගින් දැනුම්දුන් බව ද සම්පත් අමරතුංග මහතා කීය.

සිසුන් ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ පසුව පුරප්පාඩු වන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමේ අභියාචනා සලකා බලන බව ද අමරතුංග මහතා සඳහන් කළේය.

Related posts

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරී

Editor O

ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙති…

Editor O

Leave a Comment