දේශීය

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

(UTV | කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ලබන සතියේ සිට ලියාපදිංචි කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

විශ්ව විද්‍යාලවල උපාධිපාඨමාලා සඳහා තෝරාගත් සිසුන්ට ලියාපදිංචි වන ලෙස කෙටි දුරකතන පණිවුඩ මගින් සහ විද්‍යුත් තැපෑල මගින් දැනුම්දුන් බව ද සම්පත් අමරතුංග මහතා කීය.

සිසුන් ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ පසුව පුරප්පාඩු වන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමේ අභියාචනා සලකා බලන බව ද අමරතුංග මහතා සඳහන් කළේය.

Related posts

විමල්ගෙන් අද මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

ඉදිරියේදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment