Trending News

ගාස්තු සංශෝධනය සිදු නොවුනොත් පැය 6 ක විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනවා – කංචන

විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවුවහොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

2023 වසරේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 56.90 ක් වැයවන බවට උපකල්පනය කර ඇති බවත් වර්තමානයේ ඒකකයට අය කිරීම සිදුකරන්නේ ඒකකයකට රුපියල් 29.14 ක් බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එහි රුපියල් 27 ක පරතරයක් ඇති බවත් ඒ තුළින් රුපියල් බිලියන 423.5 ක් අහිමිවන බවත් එය මහා භාණ්ඩාගාරය හෝ බදු ගෙවන ජනතාව ලබාදිය යුතු බවත් එසේ නොවුනහොත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ගල් අඟුරු, ඉන්ධන හා දැවිතෙල් ලබා ගැනීමට නොහැකිවිම මත ලබන වසරේ පැය 6 ක 8 ක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවත් එසේ නොවුනහොත් අඳුරු යුගයකට යාමට සිදුවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

சகல இனத்தவரும் ஒரே கூரையின் கீழ் கல்விகற்கும் பின்புலம் உருவாக்கப்படவேண்டும்

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான மாகாணங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

More than 1000 private medical graduates to receive internships today

Mohamed Dilsad

Leave a Comment