දේශීය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ජනපතිට විශේෂ බෑගයක් ලබාදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද විශේෂ බෑගයක් අද (02) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම බෑගයක් (Attaché Case) ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යෑම සඳහා නිර්මාණය කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමට කටයුතු කළා.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යෑමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායක් බවයි සඳහන් වන්නේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්.

Related posts

සියලුම තේරීම්භාර නිලධාරීන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

බිත්ති හිල් කර මත්පැන් හොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment