විදෙස්

තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා

(UTV | කොළඹ) – තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත.

ඔහු තම පාරිභෝගිකයන්ට සංග්‍රහ කිරීම සඳහා තම අතින්ම සොසේජස් පිළියෙළ කරන බවත් ඔහුගේ ජීවිත කතාව පිළිබඳ මේ වන විට චීනයේ පුවත්පත් වලද ශිර්ෂ පාඨ වෙන්වන බවත් සවුත් චයිනා මොර්නින්ග් පොස්ට් පුවත් පත පෙන්වා දෙයි.

ටැංග් ජියෑන් නම් 52 හැවිරිදි ව්‍යාපාරිකයා තම ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව ඉන්දීය රුපියල් කෝටි 52 කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා වීදි කඩයක් ආරම්භ කරමින් උත්සහ දැරීම පිළිබඳව චීන ජනතාවගේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද පැසසුමට ලක්ව තිබේ.

වයස අවුරුදු 36 වන විට සැලකිය යුතු ධනස්කන්ධයක් එක්රැස් කරගෙන ඇති ටැංග් ජියෑන් ආපන ශාලා කිහිපයක අයිතිකරුවෙකුව සිට ඇති අතර 2005 වසරේදී වෙනත් අංශයක ආයෝජනය කිරීමට යෑමෙන් බංකොළොත් වී ඇත.

Related posts

ජයලලිතාට සහ ශෂිකලාට එරෙහි නඩුවේ තීන්දුව ලබන සතියේ

Mohamed Dilsad

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 80ක් මිය ගිය බවට තොරතුරු

Mohamed Dilsad

බී2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

Editor O

Leave a Comment