විදෙස්

ජයලලිතාට සහ ශෂිකලාට එරෙහි නඩුවේ තීන්දුව ලබන සතියේ

(උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නටරාජන් ඉදිරි දින කිහිපය තුළ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිතය.

නමුත් සිය වත්කම් සම්බන්ධයෙන් අභාවප්‍රාප්ත හිටපු තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට හා ඇයගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නටරාජන්ට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ආදායමට වඩා වත්කම් උපයාගැනීමේ චෝදනා මත වරදකරුවූ ජයලලිතාට සහ ශෂිකලාට 2014 වසරේදී වසර 4 ක සිරද`ඩුවම් නියම වුහ.

2016 මැයි 11 වනදා  කර්නාටක අධිකරණයක් විසින් ඔවුන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කළහ.

පසුව මොවුන් දෙදෙනාට එරෙහිව ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් සාමි යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
.

Related posts

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

බ්‍රෙක්සිට් ගිවිසුම තෙවැනි වරටත් පරාජයට

Mohamed Dilsad

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

Leave a Comment