Trending News

කැබිනට් මණ්ඩල සංශෝධනය කල් යයි

( උදයම්,කොළඹ )  –  ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට තීරණය කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ පසුගියදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවය.

අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් මෙලෙස කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලින් තීරණය කර තිබිණි.

නමුත් පසුගියදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

Oscars 2017: 2016’s key acting winners return to stage

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාව

Editor O

ஸ்ரீ லங்கா சுதந்திரக் கட்சியின் மத்திய குழுக் கூட்டம் இன்றிரவு

Mohamed Dilsad

Leave a Comment