ක්‍රීඩා

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් : පරීක්ෂණයක් පවත්වන ලෙස ICC යෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ට දැනුම්දීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් ජුලි මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගාවලියේ තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400කට අධික ගණනක් වාර්තා කළත්, එම තරගය පරාජය වීමට හේතුව තරග පාවාදීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් පසුගියදා චෝදනා කළා.

Related posts

ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට සුදානම්

Mohamed Dilsad

LPL නුවර කණ්ඩායම සල්මාන්ගේ පවුල මිලදී ගනියි

Mohamed Dilsad

ජය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment