ක්‍රීඩා

ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට සුදානම්

(උදයම්,කොළඹ)  –  ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට  කටයුතු කරන බව  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ක්‍රීඩා පනත යටතේ නියෝගය අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කාලයට ගැළපෙන අයුරින් මෙම වෙනස්කම් සිදු කෙරෙන බව කී අමාත්‍යවරයා, මේ පිළිබඳව කටයුතු කිරීමට කමිටුවක් පත් කර ඇති බවද පැවසී ය.

ක්‍රීඩා සංගම් දේශපාලන බලපෑම්වලින් ඉවත් කිරීම හා ක්‍රීඩ සංගම්වලට ස්වාධීන පැවැත්මක් ඇති කිරීමේ හැකියාව මෙම නියෝගවලින් ලැබෙන බව ද අමාත්‍ය අමාත්‍යවරයා පැවසී ය.

තවද ක්‍රීඩා සංගම්වලට මූල්‍ය වගකීමක් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව සමඟ දීර්ග ලෙස සාකච්ඡා කළ බවත් එම එකඟතා අනුව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරය පවස සිටියේ ය.

Related posts

අයිසීසී ජුනි මාසයේ දක්ෂ ක්‍රීඩකයන් අතරට පැතුම් නිස්සංකත් නිර්දේශ කෙරේ

Editor O

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

NO – Ball අල්ලන්න තෙවන විනිසුරුට (Third Umpire) අවස්ථාව : මාස හයක පරීක්ෂණාත්මක ක්‍රියාවලියක්

Mohamed Dilsad

Leave a Comment