එසැන පුවත්දේශීය

ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

(UTV | කොළඹ) – ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පාසල් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් යොමු කරන ලද පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මේ බව සඳහන් කළා.

Related posts

බිළිඳියන් දෙදෙනෙකුගේ සිරුරු නුවරඑළියෙන් සොයාගැනේ

Mohamed Dilsad

යුක්‍රේනයට දෙන ආධාර අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්

Editor O

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

Editor O

Leave a Comment