දේශීය

දකුණු අප්‍රිකානු ජනපතිට ලංකාවේ දී ලැබුණු උපන් දින සාදය (VIDEO)

(UTV | කොළඹ) –  දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (16) උපන් දින සාදයක් සංවිධානය කර තිබුණා.

මේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

ජනපති රමපෝසා ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණා.

එහිදී ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Related posts

හසලක, මිනිපේ නායයෑමක්; පස් දෙනෙක් මිය යයි ; පිරිසක් අතුරුදන්

Editor O

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතැයි ලේබලයේ හොරට සඳහන් කර හිසකේ ආලේපන විකුණූ සමාගමට දඩ

Editor O

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Editor O

Leave a Comment