දේශීය

දකුණු අප්‍රිකානු ජනපතිට ලංකාවේ දී ලැබුණු උපන් දින සාදය (VIDEO)

(UTV | කොළඹ) –  දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (16) උපන් දින සාදයක් සංවිධානය කර තිබුණා.

මේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

ජනපති රමපෝසා ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණා.

එහිදී ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Related posts

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

Mohamed Dilsad

උසස් පෙළ සිසුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment