Trending Newsදේශීයප්‍රමුඛ පුවත 3

ලැප්ටොප් පරිගණකයක සිදු වූ විදුලි කාන්දුවකින් සිසුවෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – බටපොල, කොබෙයිතුඩුව ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකපළ කෙරෙන්නේ අදාළ සිසුවා භාවිත කරමින් සිටි ලැප්ටොප් පරිගණකයේ සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (16) පස්වරුවේ දරුවා පරිගණකය උකුලේ තබාගෙන භාවිත කරමින් සිට ඇති බවයි.

ඒ, අවස්ථාවේදී පරිගණකය විදුලියට සම්බන්ධ කර තිබී ඇතැයි නිවැසියන් පවසති.

මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ ගාමිණි විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලැබූ ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නැමැති සිසුවාය.

Related posts

ரணில் விக்ரமசிங்க மீதான நம்பிக்கை வாக்கெடுப்பு வெற்றி

Mohamed Dilsad

முஸ்லீம் மக்கள் செறிந்து வாழும் பகுதிகளில் விசேட தேடுதல்

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිල්ලෙයාන්ට දුරකථනයෙන් ඇමතුවාද…? – එජාප මහ ලේකම් තලතා අතුකෝරළගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment