Trending Newsඑසැන පුවත්දේශීය

හසලක, මිනිපේ නායයෑමක්; පස් දෙනෙක් මිය යයි ; පිරිසක් අතුරුදන්

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවය.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්ව තිබේ.

දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා සදහන් කළේ නිවාස 05ක් මෙලෙස නායයෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව එම නිවෙස්වල සිටි පුද්ගලයින් අතුරුදන්වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය..

Related posts

சுகாதார பராமரிப்பு தொழில்நுட்பங்கள் மற்றும் முடிவெடுத்தல்

Mohamed Dilsad

முன்பள்ளிகளுக்கு விடுமுறை…

Mohamed Dilsad

பிரபுதேவாவுடன் ஜோடி சேரும் அமைரா…

Mohamed Dilsad

Leave a Comment