ක්‍රීඩා

එංගලන්තය තෙවැනි වරටත් ලෝක ශූරයෝ වෙති

(UTV | මෙල්බෙර්න්) – සිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය ඊයේ සමත්විය. ඒ පාකිස්ථානය කඩුළු 5 කින් පරාජයට පත් කරමින් අද ලැබූ ජයග්‍රහණය සමගිනි.

මෙය එංගලන්තය ලැබූ දෙවැනි විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය වන අතර මීට පෙර 2009 වර්ෂයේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලානයද ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමිනි.

ඒමෙන්ම 2019 වර්ෂයේ එක්දින ලෝක ශූරයින් ලෙසින්ද කිරුළු පැළඳීමට ඔවුන් සමත්වූහ.

මීට පෙරද 1992 වර්ෂයේ පැවති ඒක්දින ලෝක කුසලාන අවසන්මහා තරගයේදී මෙම කණ්ඩායම් ද්විත්වය ඒකිනෙකා මුණ ගැසුණු අතර එහිදි එංගලන්තය පරදා පාකිස්ථානය ජය හිමිකර ගත්හ.

තරග‌යේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 137 ක් රැස් කළහ. ෂාන් මසූඩ් ලකුනු 38 ක්ද නායක බාබර් අසාම් ලකුණු 32 ක්ද බැගින් රැස්කළහ. පන්දු යැවීමේදී සෑම් කරන් කඩුළු 3 ක් බිද හෙලීය.

ඒ අනුව ලකුණු 138 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියහ. ජයග්‍රහණය ඒංගලන්තය වෙත රැගෙන ගිය බෙන් ස්ටෝක්ස් ලකුනු 52 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුළු 2 ක් දවාලීය.‍ තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට පන්දුවෙන් දස්කම් දැක්වූ සෑම් කරන් සමත්විය. මේ සමගින් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් දිනා ගනිමින් බ.ඉ.කොදෙව් කණ්ඩායම තබා තිබූ වාර්තාව සම කිරීමට එංගලන්තය සමත්විය.

Related posts

එක්දින වැඩිම ලකුණූ අතරින් කුසල් පෙරමුණට

Mohamed Dilsad

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි

Mohamed Dilsad

ශ්‍රීලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment