ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන?

(උදයම්,කොළඹ)  –  එම නිසා පුරප්පාඩූ වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මහේල සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්. මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද නෙත් ගොසිප් වෙත වැඩිදුරටත් වාර්තා වුණි.

මේ අතර  මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුම ඔස්සෙ රසිකයෙකු ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් සදහන් කර ඇත්තේ එලෙස කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගී නොවු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සහභාගී නොවන ලෙස රසිකයෙකු මහේලගෙන් සිදුකළ ඉල්ලීමක් මහේල සිය ටිවටර් ගිණුමට රීට්වීට් කර තිබීමද විශේෂත්වයකි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් මිකී ආර්තර් ඉවත්වෙයි

Mohamed Dilsad

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු තරඟයට ශ්‍රී ලංකාව සුදානම්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකුට වසර 6 ක තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment