ක්‍රීඩා

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු තරඟයට ශ්‍රී ලංකාව සුදානම්

(උදයම්,එංගලන්තය )  – චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද පැවැත්වේ.

ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟය.

අද තරඟය උපුල් තරංග විසින් මෙහෙය වනු ලබයි.

2015 වසරෙන් පසු අද ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලසිත් මාලිංග එක් දින පිටියට පිවිසීමට නියමිතය.

තරඟය අද පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර, චැම්පියන්ස් කුසලාන තරගාවලියට අදාළව ඊයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති තරඟය වර්ෂාවෙන් බාධා එල්ල විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දු වාර 45කදී ලකුණු 291ක් රැස් කළ අතර කේන් විලියම්සන් ශතකයක් රැස් කර ගැනීමට සමත් වුණි.

වර්ෂාව නිසා තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියාව පන්දු වාර 9කදී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 53කි.

 

 

Related posts

ඔලිම්පික් ගම්මානය 13දා විවෘත කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඉන්දීයාව ඔස්ට්‍රේලියාව සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය

Mohamed Dilsad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment