ක්‍රීඩා

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු තරඟයට ශ්‍රී ලංකාව සුදානම්

(උදයම්,එංගලන්තය )  – චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද පැවැත්වේ.

ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟය.

අද තරඟය උපුල් තරංග විසින් මෙහෙය වනු ලබයි.

2015 වසරෙන් පසු අද ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලසිත් මාලිංග එක් දින පිටියට පිවිසීමට නියමිතය.

තරඟය අද පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර, චැම්පියන්ස් කුසලාන තරගාවලියට අදාළව ඊයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති තරඟය වර්ෂාවෙන් බාධා එල්ල විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දු වාර 45කදී ලකුණු 291ක් රැස් කළ අතර කේන් විලියම්සන් ශතකයක් රැස් කර ගැනීමට සමත් වුණි.

වර්ෂාව නිසා තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියාව පන්දු වාර 9කදී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 53කි.

 

 

Related posts

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

Mohamed Dilsad

නව නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හෙට බංග්ලාදේශයට

Mohamed Dilsad

ICC කාන්තා ලෝක ශූරතා පුහුණු තරඟයක්

Mohamed Dilsad

Leave a Comment