දේශීය

අද සිට වෘත්තීය ත්‍රිරෝද රියදුරන්ට ඉන්ධන ලීටර 10 ක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වෘත්තීය ත්‍රිරෝද රථවලට සතියකට ලීටර් 10ක ඉන්ධන කෝටාවක් ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින්නේ ලීටර 5ක ඉන්ධන කෝටාවක් වන අතර ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ පළමු අදියරේ දී බස්නාහිර පළාතේ ලියාපදිංචි වන වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා අමතර ලීටර 5ක් ද ලබා දීමට පසුගියදා තීරණය කළා.

ඒ අනුව පසුගිය පළමුවනදා සිට ත්‍රිරෝද රථ ලියාපදිංචිය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ආරම්භ කළ අතර මේ දක්වා ත්‍රිරෝද රථ 9,000 ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා.

එලෙස ලියාපදිංචි වූ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා පමණක් වැඩි කළ ලීටර 5ක ඉන්ධන කෝටාව ද සමඟ ලීටර 10ක් ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.

අමතර ලීටර් 05 ක ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

Related posts

පිළිකාකාරක කාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාද

Editor O

Leave a Comment