Trending Newsඑසැන පුවත්දේශීය

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාද

(UTV | කොළඹ) –

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද කර මුදා හැර තිබේ.

උසස්පෙළ විභාග අයදුම්පත ලබා ගැනීමට නුවරඑළිය නගරයේ පිහිටි සිය පාසලට ගිය අවස්ථාවේ කොණ්ඩය වැවී ඇති බව පවසමින් විදුහල්පතිවරයා සිසුවාට පහරදුන් බවයි පැමිණිල්ලේ සඳහන්.

විදුහල්පතිවරයාගෙන් බේරීමට සිසුවා අත එසවූ අවස්ථාවේ තවත් ගුරුවරුන් 5 දෙනෙකු ඔහුට පහරදී ඇති බවට දෙමාපියන් නුවරඑළිය පොලිසියට පැමිණිලි කර තිබිණ. ඒ අනුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද කර මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එම සිසුවාට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 12ක් මත සැකකරුවන් මුදාහරින ලෙස ද, නඩුව ලබන 26 වනදා යළි කැඳවන ලෙස ද නියෝග කෙරිණ.

Related posts

රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ පරිහානිය…!

Editor O

ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

வவுனியா வர்த்தக சங்கத்தினர் எதிர்ப்பு நடவடிக்கையில்

Mohamed Dilsad

Leave a Comment