දේශීයව්‍යාපාරික

ලොකු ලූණු තවත් ගණන් යයි

(UTV | කොළඹ) – පසුගිය දිනවලට සාපේක්ෂව එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහතින්,

කැරට් කිලෝවක් රුපියල් 420ක්
බොංචි කිලෝවක් රුපියල් 520 ක්
ගෝවා කිලෝවක් රුපියල් 360ක්
වම්බටු කිලෝවක් රුපියල් 400ක්
වට්ටක්කා කිලෝවක් රුපියල් 280 ක්
අමු මිරිස් කිලෝවක් රුපියල් 400ක්
දෙහි කිලෝවක් රුපියල් 800 ක්
තක්කාලි කිලෝවක් රුපියල් 440 ක්

මේ අතර ලොකු ලූණු මිළ ගණන් වෙනදාට වඩා සාපේක්ෂව ඉහළ ගාස් ඇතැයි පාරිභෝගිකයින් සදහන් කරයි.

සාමාන්‍ය වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 280 ත් 300 ත් අතර මිළකට අළෙවි වන අතර, පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලේ ලොකු ලූණු කිලොවක් රුපියල් 250ක මිලට අලෙවි වේ.

පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලෙ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 330 කටත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 480 කටත් අළෙවි වන බව පාරිභෝගික ජනතාව පවසයි.

Related posts

අකුරණ – බේරුවල ප්‍රදේශය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

Mohamed Dilsad

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment