දේශීය

කොළඹ ඩෙංගු දෙගුණයකින් වැඩිවෙයි

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අධිඅවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් කොට්ඨාස 9 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ යමින් ඇති බව එම ඒකකය නිවේදනය කළේය.

පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල, කෑගල්ල සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අලුතින් හඳුනාගත් අධිඅවදානම් කලාප වේ.

මේ වසරේ 43 වන සතියේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 143 කි.

පසුගිය වසරේ මේ කාලසීමාවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,296 ක් වුවත්, මේ වසරේ එය රෝගීන් 14,937 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය රෝගීන් 7,641 දෙනෙකුගේ වැඩිවීමකි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,435 ක් වන අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,248 දෙනෙකුගේ වැඩිවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසී ය.

Related posts

බෝගම්බර බන්ධනාගාරයෙත් රැදවියන් 7 කට කොරෝනා

Mohamed Dilsad

විවිධ අභියෝගයන්ට චීනය සන්සුන්ව හා ශක්තිමත්ව ප්‍රතිචාර දක්වනවා – චීන අගමැති

Editor O

බාල ඖෂධ ගෙන්වීමේදී, නිලධාරීන් බිලි දී දේශපාලකයන්ට ගැළවෙන්න බෑහැ…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

Editor O

Leave a Comment