දේශීය

පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදහස්

(UTV | කොළඹ) –  පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ගොනු කර තිබූ සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතා පවසයි.

සත්‍ය ජයගන්නා බවත් එය වහාම නොව නියත වශයෙන්ම සිදුවන බවත් රිෂාඩ් බද්යුදීන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අසාධාරණ ලෙස මාස 7ක් රිමාන්ඩ් කළ බවත් මන්ත්‍රීවරයා පවසයි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ටත් සමස්ත මුස්ලිම් ජනතාතාවත් චෝදනා කරමින් බලයට ආ බවත් පළමු වාරය අවසන් වීමටත් පෙර රටේ ජනතාව ඔවුන්ව එළවා දැමූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

විදුලිබල පනතට එරෙහිව අධිකරණයට පෙත්සමක්

Editor O

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

Mohamed Dilsad

Leave a Comment