දේශීය

සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

(UTV | කොළඹ) – පොල් වගාවට හානිකරනු ලබන සුදුමැස්සා නම් කෘමියා මේ වනවිට දිස්ත්‍රික්ක 11 පමණ ව්‍යාප්තව සිටින බව පොල් පර්යේෂණායතනය සඳහන් කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි හෙට්ටිආරච්චිගේ සඳහන් කළේ මෙම කෘමියාගෙන් සිදුවන බලපෑමෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පොල් වගාවෙන් සියයට 50ට පමණ හානි සිදුව ඇති බවයි.

ඉන් පසුව වැඩිම හානිය සිදුව ඇත්තේ කෑගල්ල සහ කලුතර දිස්ත්‍රික්කවලටය.

මෙම සුදුමැස්සා කහපාටට වැඩි ආකර්ශනයක් දක්වන බැවින් තැඹිලි වගාවට වැඩි හානියක් සිදුවන බව දැනට සිදුකරන පරීක්ෂණවලින් තහවුරු වූ බවද ඇය සඳහන් කළාය.

සුදුමැස්සාගෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීමට දැනටමත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව ඇය පැවසුවාය.

Related posts

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපති දළදා වහන්සේ වැඳ පුදාගනී

Mohamed Dilsad

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment