දේශීය

අඩු බර පාන් අලෙවි කරන්නන් සොයා වැටලීම්

(UTV | කොළඹ) – පාරිභෝගික අධිකාරිය විසින් නිසි බර නොමැතිව පාන් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කරයි.

ඊයේ ( 22 ) දිනයේ සිට මෙම වැටලීම් සිදුකරන අතර පාරිභෝගික ආරක්ෂණ පනත සහ කිරුම් මිණුම් පනතට අනුව බේකරි හිමියන් සහ වෙළඳසැල් හිමියන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ නිසි බර නොමැතිවීම මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම ද නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැළකෙන බවයි.

Related posts

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ නිමවීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීමෙන් වළකින්නැයි සිසුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment