දේශීය

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

(UTV | කොළඹ) – පසුගිය උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල උත්තර පත්‍ර ඇගයීම් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් දශලක්ෂ පහළොවක පමණ මුදල මෙම මස 21 වැනිදාට පෙර නොගෙවන්නේ නම් මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ඇතුළු රාජකාරි වැඩ භාර නොගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත.

ලබන ජනවාරි මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට අයැදුම්පත් කැඳවා තිබෙන අතර අයැදුම් පත් කළ හැකි අවසන් දිනය මෙම මස 21 වැනිදාය.

ආර්ථික අපහසුතා පමණක් නොව පැවැති ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය විභාගවල උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විශාල කැප කිරීමක් සිදු කළ බවත් ඔවුන් එම කටයුතු සඳහා වාර්තා කළේ තමන්ගේ වියදමින් බවත් පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිඟව පවතින දීමනා නොගෙවන්නේ නම් ඉදිරි විභාග කටයුතු අවිනිශ්චිත තත්ත්වයකට පත් වීම නොවැළැක්විය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම දීමනා ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරයෙන් ලැබී නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයට අතුරු තහනමක්

Editor O

විරෝධය මැද අද පාර්ලිමේන්තු එන ඔන්ලයින් පනත් කෙටුම්පත

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ගේ විදේශ සංචාරය ගැන විමර්ශනයට, එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලූ තොරතුරු ඉල්ලීම ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

Leave a Comment