කලා

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

(UTV |  චිකාගෝ) – ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම ඔබ දුටු ජෙනිෆර් හෝලන්ඩ් මීට දින කිහිපයකට පෙර විවාහ වූවාය. ඇයගේ අතගනු ලැබුවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ජෙම්ස් ගන්ය. ජේම්ස් ගන් යනු ආදායම් අතින් ඉහළින්ම සාර්ථක වූ ‘ගාඩියන්ස් ඔෆ් ද ග්ලැක්සිස්’ හා ‘සූසයිඩ් ස්කොඩ්’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයා වෙයි.

ජෙනිෆර් හා ජේම්ස්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ අවසන් වරට නිකුත් වූ ‘සූසයිඩ් ස්කොඩ්’ චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී වන අතර, ඇය එම චිත්‍රපටයේ එමිලියා හාකොට් ලෙස රංගනයෙන්ද දායක වී තිබුණි. විවාහ වන විට ජෙනිෆර් 34 වැනි වියෙහි පසුවු අතර, ගන් සිය 56 වැනි විය ගෙවා දමමින් සිටියි.

Related posts

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත්…

Mohamed Dilsad

ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්

Mohamed Dilsad

කීර්ති පැස්කුවල් ගෞරව සම්මානයකින් පිදුම් ලබයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment