කලා

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

(UTV |  චිකාගෝ) – ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම ඔබ දුටු ජෙනිෆර් හෝලන්ඩ් මීට දින කිහිපයකට පෙර විවාහ වූවාය. ඇයගේ අතගනු ලැබුවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ජෙම්ස් ගන්ය. ජේම්ස් ගන් යනු ආදායම් අතින් ඉහළින්ම සාර්ථක වූ ‘ගාඩියන්ස් ඔෆ් ද ග්ලැක්සිස්’ හා ‘සූසයිඩ් ස්කොඩ්’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයා වෙයි.

ජෙනිෆර් හා ජේම්ස්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ අවසන් වරට නිකුත් වූ ‘සූසයිඩ් ස්කොඩ්’ චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී වන අතර, ඇය එම චිත්‍රපටයේ එමිලියා හාකොට් ලෙස රංගනයෙන්ද දායක වී තිබුණි. විවාහ වන විට ජෙනිෆර් 34 වැනි වියෙහි පසුවු අතර, ගන් සිය 56 වැනි විය ගෙවා දමමින් සිටියි.

Related posts

රටපුරා සිනමාහල් ඇරේ

Mohamed Dilsad

ශිවන්‍යාගේ සහ රිතික්ගේ ඔබ නොදුටු නර්තනයක්(වීඩියෝව)

Mohamed Dilsad

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment