ක්‍රීඩා

මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

(UTV | එංගලන්තය) – තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසද ප්‍රකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වනවා.

ඔහු පසුගිය පකිස්තාන – එංගලන්තය අතර පැවැති T20 ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය පවා දැරුවා.

නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමා තුළ කැමැත්තක් නොමැති බව එරට පුවත්පතකට ලිපියක් ලියමින් ඔහු ප්‍රකාශ කොට තිබෙනවා.

මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64 කට ක්‍රීඩා කර එහිදී ලකුණු 2914 ක් සහ කඩුලු 195 ක් දවාගෙන ඇත.

Related posts

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

Mohamed Dilsad

රංගන හේරත් ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානම්

Mohamed Dilsad

රංගන හේරත් තවත් වාර්තාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment