දේශීය

තිරිඟු පිටි මිල ඉහළට

(UTV | කොළඹ) – රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13කින් පිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට සිදු වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ඊයේ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කරන බවට ප්‍රකාශ කළා.

ඒ සමගම තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් මෙලෙස මිල වැඩිකර ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

පැරණි රියදුරු බලපත්‍ර ගැන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment