දේශීය

සෞඛ්‍ය සංක්‍රමණික ප්‍රතිපත්ති සකස් කරන්න මාලදිවයිනේ පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් පිහිටුවීම සඳහා අත්දැකීම් ලබා ගැනීමට 17 දෙනෙකුගෙන් යුත් මාලදිවයිනේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

ඊට මාලදිවයිනේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ෂා මහීර් ද ඇතුළත්.

2013 වසරේ දී මෙරට සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ස්ථාපිත කෙරුණු අතර, එය අධ්‍යයනය කර මාලදිවයිනේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අත්දැකීම් ලබා ගැනීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල සහ මෙම දූත පිරිස අතර විශේෂ වැඩමුළුවක් කොළඹ පැවති අතර, එහි දී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සහයෝගය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

යහපාලන ආණ්ඩුවෙන් ඉදි කළ, උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය, මෝදි විවෘත කරලා.

Editor O

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ට වෙඩි තබයි

Editor O

Leave a Comment