දේශීය

ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV | කොළඹ) – දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (30) සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි යි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

රිෂාඩ් නිදහස් කරන්නැයි බල කරමින් අදත් උද්ඝෝෂණ දියත් වෙයි [VIDEO]

Mohamed Dilsad

වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා පෙත්සම් 10ක්

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

Leave a Comment