දේශීය

ප්‍රමිතිය ගැන සොයන්න දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන සාම්පල්

(UTV | කොළඹ) – දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශක සිරිල් සුදුවැල්ල කියා සිටියේ, අහඹු ලෙස තෝරා ගත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් මෙලෙස සාම්පල ලබාගෙන පරීක්ෂාවන් සිදු කරන බව යි.

මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඔක්ටේන් 92 පෙට්‍රල් නිකුත් කරන පොම්ප තුනෙන් දෙකකට මුද්‍රා තබා තිබෙනවා.

ඒ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනීම හේතුවෙන්.

එහි දී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් සියයට 1.2ක ප්‍රමාණයක් අඩුවෙන් නිකුත් කර ඇති බවට යි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එය රුපියල් 5යි සත 40ක පෙට්‍රල් අඩු වීමක් වන අතර ඒ අනුව යි අදාළ ඉන්ධන පොම්ප දෙකකට මුද්‍රා තබා ඇත්තේ.

මේ අතර, මෙරටට පැමිණි ඩීසල් නෞකාව සඳහා ලබන සතිය තුළ ගෙවිම් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළා.

මෙම ඩීසල් නෞකාව මෙරටට පැමිණ ඇත්තේ මීට දින 10කට පෙර යි.

එමෙන්ම පෙරේදා මෙරටට ළඟා වූ පෙට්රල් නෞකාවක් සඳහා ඊයේ ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවා ඇති බව යි වාර්තා වන්නේ .

මේ අතර, පසුගිය 20 වැනි දා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවට නව ක්‍රමවේදයක් ඔස්සේ මුදල් ගෙවිමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව සඳහන්.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කරලා…?

Editor O

රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේත් කොරෝනා රෝගීන් 19ක්

Mohamed Dilsad

Leave a Comment