විදෙස්

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

(UTV | උස්බෙකිස්තානය) – යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පවසා ඇත.

පසුගිය දා උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර පැවැති ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වුණු පුටින් සහ මෝදි සමුළුව අතරතුරේ හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී යුක්රේන රුසියන් යුද්ධය ප්‍රධාන මාතෘකාව බවට පත් විය.

රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය. එම ආක්‍රමණයෙන් පසු පුටින් සහ මෝදි අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ඇමෙරිකන් මාධ්‍ය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් පුවත් පළ කර ඇත. ඒ, මෝදි, පුටින් හමුවුණු අවස්ථාවේදී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විරෝධය පළ කළ බැවිනි.

Related posts

2017 ලොව ධනවතුන්ගේ නවතම ලැයිස්තුව

Mohamed Dilsad

හොස්නි මුබාරක් නිදහස්

Mohamed Dilsad

යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට සමාව දෙන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

Leave a Comment