විදෙස්

යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට සමාව දෙන්න ඇමෙරිකාව සුදානම්

(UTV| ඇමෙරිකාව)  – යුද අපරාධ චෝදනා ලැබූ ඇතැම් ඇමරිකානු සෙබලූන්ට සමාව ලබාදී නිදහස් කිරීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසන්නේ එලෙස චෝදනා ලැබූවන් නඩු විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සමාව දීම පිළිබදව සලකා බලන බවයි.

මනුත්ඔ ඔහුගේ මෙම තීරණය මතභේදාත්මක විය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මැයි 27 වන දාට යෙදී ඇති ඇමරිකානු රණවිරු සැමරුම් දිනයේදී එලෙස සමාව ලබාදෙන ආරක්ෂක හමුදා සාමාජිකයන් නම් කර ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇතැම් හමුදා සාමාජිකයන්ට සමාව ලබාදීම සඳහා වූ ලිපි ගොනු සකසන ලෙස ජනපති ට්‍රම්ප් පසුගිය 18 වන දා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කරුනානිධි රෝහලේ

Mohamed Dilsad

තවත් කොවිඩ් එන්නතකට අනුමැතිය

Mohamed Dilsad

ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය සුදානම්

Mohamed Dilsad

Leave a Comment