විදෙස්

චාල්ස් රජුගෙන් ලෝක නායකයන්ට භෝජන සංග්‍රහයක්

(UTV |  ලන්ඩන්) – මෙම සති අන්තයේ දී ලොව ප්‍රබල රටවල් රැසක රාජ්‍ය නායකයන් ලන්ඩනය බලා පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සභාගි වීම සඳහා යි.

එලෙස පැමිණෙන රාජ්‍ය නායකයන්ට තුන් වැනි චාල්ස් රජු විසින් බකිංහැම් මාලිඟයේ දී අනිද්දා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට ද නියමිත ව තිබෙනවා.

ඒ සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුළු ලොව ඉහළ පෙළේ නායකයින් රැසක් ද එක්වීමට නියමිත යි.

කෙසේ වෙතත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සිරියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය, රුසියාව, බෙලරූස් සහ මියන්මාරය යන රටවලට ආරාධනා කර නැහැ.

Related posts

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

පුටින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

රෝහලක ඇතිවූ ගින්නකින් 9 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment