දේශීය

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – මාස 6ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කාලය දීර්ඝ කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍ර ලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇණවුම් කර ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව ය.

Related posts

අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා

Mohamed Dilsad

Leave a Comment