දේශීය

SLFP මන්ත්‍රීවරුන් පිරිසකට විනය පියවර

(UTV | කොළඹ) – මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු අටදෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් ලබා නොගැනීමටයි. එම තීරණයට පටහැනිව නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මන්ත්‍රිවරු කැබිනට් ඇමැති ධුර ලබාගත්හ. ඉන්පසු රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රිවරු රාජ්‍ය ඇමැති ධුර ලබාගත්හ.

කෙසේ වෙතත් පක්ෂ සභාපතිවරයාට ලැබී ඇති බලතලවලට අනුව ඉදිරි දිනවලදී විනය පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තහවුරු කළේය.

කෙසේ වෙතත් මීට පෙර නිමල් සිරිපාල ද සිල්වා ඇමැති ධුරයක දිවුරුම් දීමෙන් පසු ඔහු කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු පිරිස අධිකරණයට දන්වා සිටියේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

Related posts

රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය

Editor O

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනාට ගෞරවනීය ශෝකය – හිටපු මන්ත්‍රී රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment