දේශීය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනාට ගෞරවනීය ශෝකය – හිටපු මන්ත්‍රී රිෂාඩ්

(UTV | කොළඹ) –  පසුගිය වසරේ පාස්කු දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනාට තමන්ගේ ගෞරවනීය ශෝකය ප්‍රකාශ කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

මිය ගිය පුද්ගලයන්ට එම අයගේ ආගම අනුකූලව මරණින් මතු යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන බවත් , මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ රෝගී වූ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින බවත් ඒ මහතා පවසයි.

යළිදු කිසිදු දිනෙක මෙවන් වූ අභාග්‍යසම්පන්න අවස්ථාවක් උදා නොවේවායි පතන බව ද , මෙම ම්ලේච්ඡ ත්‍රස්ථ ක්‍රියාවට සම්බන්ධ වූ, අනුබල දුන් සියලුම දෙනාට නිසි දඬුවම් දිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

පටු දේශපාලන වුවමනාවන් මුදුන්පත් කර ගන්නේ නැතුව මෙම ක්‍රියාව සිදුකළ වරදකරුවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දිය යුතු බව තමා තරයේ කියා සිටින බවත් රිෂාඩ් බදියුදීන් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

Related posts

කොස්ගම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් [RELEASE]

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලෙන් රෝගීන්ට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

Mohamed Dilsad

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment