විදෙස්

වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක්

(UTV |  ජෙනීවා) – මැලේරියාවෙන් පසුව පරපෝෂිතයන් මගින් බහුලව ම පැතිරෙන රෝගය වන්නේ Visceral leishmaniasis වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව පුරා සෑම වසරක මේ රෝගය හේතුවෙන් 25,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් මියයන බව ත් එහි මරණ අනුපාතය සියයට 99.99ක් පමණ බව ත් සංඛ්‍යා දත්ත සඳහන් කර ඇත.

එම රෝගය 2021 වර්ෂයේදී පමණක් රටවල් 10කින් සමස්ත රෝගීන්ගෙන් සියයට 90කට වඩා හමු වූ බව ත් ඒ අතර ලංකාවට සමීපම රට වන ඉන්දියාව හා අග්නිදිග ආසියාතික රටවල තිබෙන බව ත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර තිබෙන දත්ත වාර්තා තුළින් පැහැදිලි කර තිබේ.

විසරල් ලිෂ්මෙනායසිස් රෝගයේ වාහකයන් වන්නේ මිලිමීටර් 3ක දිගකින් හා මිලිමීටර් 2-3 පමණ විෂ්කම්භයකින් සමන්විත Phlebotomine කුලයට අයත් වැලි මැක්කන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

දුප්පත්කම, දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන්, මන්දපෝෂණ තත්ත්ව, නාගරීකරණයේ වෙනස්වීම් හා වනාන්තර ප්‍රදේශවලට මිනිස් ආක්‍රමණය හේතුවෙන් ලිෂ්මෙනායසිස් රෝගයේ අවදානම වැඩි කරන බවත් එම දත්ත සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.

Related posts

හොංකොංහි උදර්පණ නීතිය ඉවතට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උග්‍ර අතට.

Mohamed Dilsad

අද පාකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගය

Mohamed Dilsad

Leave a Comment