දේශීය

විපක්ෂ නායක දමිතා බලන්න මැගසින් යයි

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ජනතාව දඩයම් කිරීමට බෑ. අද තරුණයින්ව දඩයම් කරනවා. අරගලයේ නායකයින්ව දඩයම් කරනවා. සිවිල් ප්‍රජාව දඩයම් කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවිය යුතු දෙයක්.

විශේෂයෙන්ම දමිතා අබේරත්න මැතිනියගේ ඉක්මන් නිදහස සාක්ෂාත් කරන්න කියලා ජනාධිපති ප්‍රමුඛ රජයට අපි බලකර සිටිනවා. අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා, මේ දඩයම නතර කරන්න. කරුණා කරලා මේ රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උදුරාගන්නවා වෙනුවට රජයෙන් ඉල්ලීමක් කරනවා ඒවා ආරක්ෂා කරන්න කියලා.

ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේ දමිතා අබේරත්න මැතිනිය සමග අපි එකට හිටගන්නවා. ඇයගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ නිදහස සාක්ෂාත් කිරීමට ජනාධිපති ප්‍රමුඛ රජයට වහා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරනවා.”

Related posts

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

මහ තරගය බලන්න ආ ජනපති

Mohamed Dilsad

Leave a Comment