දේශීය

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් අද රැස් වෙයි

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් අද රැස්වනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මැති ඇමතිවරුන් මීට අයත්.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ටිරාන් අලස් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන පිරිස අතරට අයත්.

මෙම පිරිස යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය දිනයක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමු වූ නමුත් එකගතාවයකට පැමිණිමට හැකිවූයේ නැහැ.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට යැවීමට නියමිත ලිපියක් සකස් කිරීමටද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් තීරණය කර තිබෙනවා.

Related posts

2021 වසරට අදාළව අගමැති විසින් ඉදිරිපත් කළ අයවැය සම්පුර්ණව[UPDATE]

Mohamed Dilsad

පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment