දේශීය

ලොහාන්ට එරෙහි පෙත්සම ගොණුකල රැඳවියන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කරයි

(UTV | කොළඹ) – අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට අදාළ උපදෙස් දෙන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී රැඳවියකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම හමුවේ සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් එම බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ නීතිපතිවරයායි නම් කර ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.

ඉකුත් 12 වන දා ආරක්ෂකයින් සමග බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන් දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බව පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

අනතුරුව සිය පිස්තෝලය ගෙන රැඳවියෙකුගේ හිසට එය තබා තර්ජනය කළ බව මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

Related posts

ගාල්ලේ පාසල් සිකුරාදා දක්වා වසයි

Mohamed Dilsad

දෙහිවල සත්තු වත්තේ නඩු භාණ්ඩ සොරකමක්

Editor O

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන්

Mohamed Dilsad

Leave a Comment