දේශීය

පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබේ.

2020.03.11 වන දින සිට 2020.04.10 වන දින දක්වා දැඩි කැපවීමෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමය ඔප්නැංවීමට මෙම පිරිස ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ත්‍යාගය ලබා දීමට තීරණය වී ඇත.

පොලිස්පතිවරයා විසින් අනුමත කර එම මුදල් ගෙවීම සඳහා පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව , ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ එයට පහළ තනතුරුවල එක් එක් නිලධරයාට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 5000 ක් බැගින් ‍මුදල් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට නියමිතයි.

Related posts

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව විභාගකිරීමට ඉල්ලීමක්

Mohamed Dilsad

ප්‍රබල අකුණු අවධානමක්

Editor O

Leave a Comment