දේශීය

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

(UTV | කොළඹ) – යුරෝපය පුරා පවතින අධික උෂ්ණත්වය සහ නියඟය හේතුවෙන් ස්පාඤ්ඤය ඇතුලු යුරෝපා රටවල ඔලිව් වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී ඔලිව් තෙල් හිඟයක් ඇතිවිය හැකි බවයි ස්පාඤ්ඤ ඔලිව් වගාකරුවන් ප්‍රකාශ කර ඇත.

ගෝලීය ඔලිව් නිෂ්පාදනයෙන් පහෙන් දෙකක සැපයුම්කරුවා වන්නේ ද ස්පාඤ්ඤයයි.

මේ වනවිටත් ලොව පුරා ඔලිව් තෙල් මිල 14%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී ඔලිව් තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

පසුගිය ජූලි මාසයේදී ස්පාඤ්ඤය, ඉතාලිය, සහ පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා වර්තාවුණි.

Related posts

එජාපයේ වෙන්නපුවේ නාම යෝජනා පත්‍රය සිරිකොත දමා ගිහින්

Mohamed Dilsad

නව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බහු පාර්ශ්වීය සාකච්ඡාවක්

Editor O

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් පැමිණීමට සූදානම්….

Editor O

Leave a Comment