දේශීයව්‍යාපාරික

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

(UTV | කොළඹ) – රජය විසින් භාණ්ඩ 300ක් ආනයනය කිරීමට පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙතෙක් ආනයනය කරන ලද කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන වෙළෙඳපොළ තුළ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඒවා දේශීයව නිපදවා ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් මණ්ඩලය හා මිල්කෝ සමාගම සමග සාකච්ඡා කළේය.

දැනට NLDB හා මිල්කෝ සමාගම් දෙක විසින් කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිපදවනු ලබයි.

විශේෂයෙන් පිටිකිරි, දියර කිරි, චීස්, බටර්, මුදවපු කිරි හා රස කළ දියර කිරි හා අයිස්ක්‍රීම් ද ඒ අතර ප්‍රධාන වේ.

නමුත් දැනට රට තුළ පවතින සත්ව ආහාර හිඟය හේතුවෙන් රට තුළ දියර කිරි නිෂ්පාදනය සියයට 34න් පමණ පහත වැටී ඇති නිසා මෙම සමාගම් දෙකට දෛනිකව ලැබෙන දියර කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබේ.

එම නිසා එම සමාගම් දෙකට ලැබෙන කිරි ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා ඇති බැවින් මුදවපු කිරි නිපදවීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලෙසත්, ඒ වෙනුවට කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මුදවපු කිරි නිපදවීම ගෘහ කර්මාන්තයක් වශයෙන් පවතින හෙයින් රටට අවශ්‍ය තරම් මුදවපු කිරි රට තුළ පවතී.

නමුත් වෙළෙපොළේ කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනවල හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාල සමාගම් දෙකට උපදෙස් දෙනු ලැබීය.

Related posts

2018 වසරේ ආසියාවේ හොදම රක්‍ෂණ සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන ලබයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

අදත් ගෑස් නෑ – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment