දේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මෛත්‍රීගේ විරෝධය

(UTV | කොළඹ) – අරගලයට සම්බන්ධ වූ පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ හෙළා දකී.

මේ අයුරින් අරගලයට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම එතරම් යහපත් දෙයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන දේශීය පුවත්පතකට පැවසීය.

රටේ කිසිදු යුද්ධමය වාතාවරණයක් නොමැති පසුබිමක තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කිසිසේත්ම අවශ්‍ය නොවන බව ද ඔහු කීය. එම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි ද හිටපු ජනපතිවරයා අවධාරණය කළේ ය. ප්‍රතිපත්තියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කළ යුතු යැයි තමා පිළිගන්නා බව ඔහු කීය.

එහෙත් එම පනත අහෝසි කිරීමේදී 2019 වසරේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටින හා නැගෙනහිර සටන්වලදී හමුදාව හා සටන් කළ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට උපකාර කළ සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පිරිස්වලට වාසියක් නොවන පරිදි අලුතෙන් නීතියක් සැකසිය යුතු බව ද හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවති යුද්ධය අවසන් වීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අවශ්‍ය නොවන බව හෙතෙම කීය.

Related posts

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

තවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment