දේශීය

සමන් පෙරේරා රිමාන්ඩ්

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා අගෝස්තු 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය ජූනි 5 වන දා තංගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තව ත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබිණි.

කොස්ගොඩ පොලිස් වසමේදී තංගල්ල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

Related posts

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ගුවන් මගීන් ට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment