දේශීය

වසන්ත මුදලිගේ දින 90ක් රඳවා තබා ගැනීම ස්ටාලින් හෙළා දකී

(UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගැනීම හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ස්ටාලින් අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් රජය වෘත්තීය සමිති මර්දනය කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් රැසක් පවතින බවද ඔහු පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රිපුද්ගලයන් රඳවා තබන ලෙස කළ ඉල්ලීම අනුමත කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හෙළා දකින බව ඔහු පැවසීය.

Related posts

විවාහක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

Mohamed Dilsad

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යළි බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment